1982 වසරේ නිකුත් වුණු අතිශය ජනප්‍රිය Knight Rider කතා මාලාව ඇසුරින් නවතම (Reboot) චිත්‍රපටයක් නිර්මාණය කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
චිත්‍රපටය Universal Pictures ආයතනය යටතේ සිදුවන අතර මෙය නිර්මාණය කරන්නේ Netflix හරහා විකාශනය කළ Cobra Kai හි නිර්මාණකරුවන් විසින්.
ඒ අනුව Josh Heald සහ Jon Hurwitz අතින් තිර පිටපත රචනා කිරීම සහ නිෂ්පාදනය සිදුවන අතර අධ්‍යක්ෂණ සිදු කරනු ලබන්නේ Hayden Schlossberg විසින් බවයි මේවන විට වාර්තා වී තිබෙන්නේ.
චිත්‍රපටයේ මූලික වැඩ කටයුතු ආරම්භ කරමින් චිත්‍රපටයේ තේමාවේ මූලික සටහන් නිර්මාණය කරමින් පවතින බව THR වෙබ් අඩවිය සඳහන් කරනවා.